Thursday, August 4, 2011

ඉරාජ්ගේ පොලිසිය විඩියෝව

ඉරාජ්ගේ පොලිසිය විඩියෝව අද නිකත් වුනා
ඵය පහතින් නරබන්න




සනත් නන්දසිරි‍‍ගේ වැඩ

ගායක සනත් නන්දසිරි මෑත දිනක පාර්ලිමේන්තු පාරේ මෝටර් රියක් තුළ බාලවයස්කාර දැරියක් සමඟ අනඟ රංගනයක යෙදි සිටියදී පොලිසියට අසුවී ඇතැයි වාර්තා වේ.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මොහු රඳවාගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත
අධිකරණයේදී  සනත් නන්දසිරි‍‍ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පවසා ඇත්තේ මොහු බෞද්ධ ආගමේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් ගීත කිහිපයක් ගායනා කර ඇති අයෙක් බවත්, ඒ පිළිබඳව සලකා මොහු මුදාහරින ලෙසයි.
විනිසුරුවරයා ඒ පිළිබඳව සළකා විශාරද ගායකයාට අවවාද කර මුදා හැරි බවද වාර්තා වේ.

වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu

අවුරුදු දහයකට පමණ පෙර බස් රථයක නැගී කොළඹ පුරවරය තුල කීපවරක් ඒ මේ අත ගොස් ඇත්නම් කරාතේ, කුංග් ෆූ, ටයිකොන්ඩෝ ආදී නොයෙකුත් සටන් කලා ශිල්ප ආයතන පිළිබඳ පෝස්ටර් අටෝ රාශියක් ඔබ දැක ඇති බව නොඅනුමානය. කාලයක් පාසැල් ක්ෂේත්‍රය තුලද ජනප්‍රියව පැවති ආත්මාරක්ෂක සටන් කලා අධ්‍යයනය, තීරණ ගන්නා පුද්ගලයින්ගේ අවක්‍රියාවන්, ක්‍රීඩාවේ අනතුරුදායක බව ආදී කරුණු හේතුවෙන් මදක් පසු බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. ගම්බදව තවමත් සටන් කලා අධ්‍යනායතනයන් පැවතුනත් නගරාශ්‍රිතව එය පරිහානියට පත්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් ජීට් කුන් ඩෝ ආදී ප්‍රසිද්ධ, වඩාත් ප්‍රදර්ශනාත්මක සටන් කලාවලට වඩා සරල, හා ජනප්‍රියතාවයෙන් නැග එන වින්ග් චුන් සටන් කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම සටහන තුලින් ලැබෙනු ඇත.
වින්ග් චුන් ආසන්න වශයෙන් අවුරුදු තුන්සීයක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. සුප්‍රකට ෂඔලින් ආරමයෙන් බිහි වූ විශිෂ්ට කලාවක් ලෙස එය ලොව වටා දැන් පිලිගැනේ. පුරාවෘත්ත වලට අනුව නෙග් මුයි නම් වූ මෙහෙණින් වහන්සේ නමක් විසින් නයෙකුගේ හා කොකෙකුගේ සටනක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද වින්ග් චුන් එනමින් හැඳින්වෙන්නේ නෙග් මුයි ගේ පළමු ශිෂ්‍යාව වන යිම් වින්ග් චුන් ඇසුරෙනි. මෙම පුරාවෘත්තයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ නොයෙකුත් අදහස් පැවතුණත් පුරාවෘත්තයේ නොයෙකුත් වෙනස් අනුවාද සියල්ලෙහිම නෙග් මුයි මෙහෙණින් වහන්සේ සහ යිම් වින්ග් චුන් පිළිබඳ සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ෂඔලින් ආරාමය ආශ්‍රිතව නිර්මාණය වූ එකක් බව පැහැදිලිය. වින්ග් චුන් යන්නෙහි තේරුම “(අමරණීය)වසන්ත කාලය” යන්නයි.
අනෙකුත් කුංග් ෆු සටන් කලා සමඟ සසඳන විට වින්ග් චුන් ඉතාමත් සරල, නිශ්චල හා ඒ සමඟ ඇති ගතික ස්වාභාවයෙන් යුක්තය. සාම්ප්‍රදායික චීන උතුරු හා දකුණු සටන් කලා පැතිරුණු භූමි ප්‍රමාණයක පැතිරුණු ඉරියව් සහ හැසිරවීම් ප්‍රගුණ කරන විට වින්ග් චුන් සටන් කරුවාගේ ශරීර සීමාව තුල ඉරියව් හැසිරවීම ප්‍රගුණ කරයි. ආරක්ෂක ඉරියව්වේදී (on-guard stance) වඩාත් නිශ්චල වන අතරම පහර දීමේදී සමීප පහරදීම, පහර වලක්වන අතරතුරම පහර දීම, හා එකවිටම මතුවන මුෂ්ටි පහර වින්ග් චුන් හි ප්‍රධාන ලක්ෂණ වේ. මීට ප්‍රතිවිරුද්ධ ලෙස බොක්සින් හෝ චීන සංෂූ සටන් ක්‍රමයේදී නිශ්චලව සිටීම අනුමත නොකරයි. පහර දී ඉවතට යෑම වෙනුවට සමීප පහර දීම් වින්ග් චුන් හි භාවිතා වේ. වින්ග් චුන් ප්‍රගුණ කරන්නන් අතර ඇති කියමනකට අනුව තමාගේ ශරීරයේ පළලට ගැලපෙන ලෙස ඉඩ ඇහිරවූ ඉඩක් තුල කිසිම බාධාවකින් තොරව සටන් කිරීමට වින්ග් චුන් සටන්කරුවාට හැකි විය යුතුය.
වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක. චී ගුන් ශ්වසන ව්‍යායාමයක් වන අතර චීන දර්ශනය තුල ඇති ප්‍රධාන සංකල්පයක් වන චී ශක්තිය (අභ්‍යන්තරික ශක්තිය) වර්ධනය කර ගැනීම එහි ප්‍රධාන අරමුණකි. ක්‍රමවත් ශ්වසන චක්‍රයකට අනුව අත් හැසිරවීම චී ගුන් හිදී සිදුවේ. චී සාවො යනු වින්ග් චුන් තුල ඇති ප්‍රධාන ව්‍යයාමයකි. වින්ග් චුන් නිසි ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ චී සාවො ව්‍යායාමයයි. ශාරිරික සංවේදිතාව හා ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම චී සාවො හි අරමුණයි. සිලියුම් තාඔ (චීන බසින් පුංචි සිතුවිල්ල යන තේරුම ඇති) ව්‍යයාමය තුල වින්ග් චුන් හි සියලුම ආකාරයේ හැසිරීම් අඩංගු වේ. විනාඩි දහයක් වැනි කාලයක් තුල සිලියුම් තාඔ ව්‍යායාම කල හැකි වුවත් වින්ග් චුන් තුල න්‍යාය සියල්ලම එය මගින් පුහුණු විය හැක.
වින්ග් චුන්, එම නමින් එතරම් ජනප්‍රිය නොවූවත් සටන් කලාව තුල වින්ග් චුන් සටන් කලාවේදීන් ඉතාමත් ජනප්‍රිය වූ බව පැවසිය යුතුය. මින් එක් අයෙකු වන්නේ වින්ග් චුන් චීනයෙන් පිටතට ගෙන ඒමේදී වැදගත් මෙහෙවරක් කල ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්ය. IP Man සහ IP Man 2 නමින් පසුගිය වසර තුල නිපදවුනු චීන චිත්‍රපටි තුලින් ඔහුගේ සටන් කලා ජීවිතය පිළිබඳ කතාව ගෙන දක්වයි. ඉතාමත් දක්ෂ වින්ග් චුන් සටන් කරුවෙකු වූ යිප් මාන් විසින් පුහුණු කරුවන ලද ශිෂ්‍යයන් පසුව වින්ග් චුන් කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් කල අය වේ. 1974 දී මිය යන තෙක් යිප් මාන් වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා විය.

Thursday, July 28, 2011

භාරත ක්‍රිකට්‌ පුරාණය


1804 ජනවාරි 19 දා ඉන්දියාවේ කල්කටා ප්‍රාන්තයේ වැසියන්ට අරුම පුදුමදෙයක්‌ දැක ගන්නට ලැබුණා. ඒ බ්‍රිතාන්‍ය ජාතිකයන් කිහිප දෙනෙක්‌ එක්‌ව ලෑල්ලක්‌ හා සමාන දෙයකින් රතු පැහැති බෝලයකට තඩි බාන දර්ශනයයි. පිට්‌ටනියෙන් පිටතට එනබෝලය ඔවුන් අහුලා නැවතත් පිට්‌ටනිය තුළට විසි කළේ ඉමහත් උනන්දුවකින්.

1980 ජනවාරි 19 දා මදුරාසියේ චෙපොක්‌ ක්‍රීඩාංගණයට 80ල000 කට අධික ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන් රැස්‌වුනේ ඉන්දියාව සහ පකිස්‌තානය අතර පැවැති ටෙස්‌ට්‌ තරග මාලාවේ 5 වැනි තීරණාත්මක ටෙස්‌ට්‌ තරගය නැරඹීමටයි. අවුරුදු 86 ක කාල පරාසයක්‌ තුළදී ඇති වූ මෙම වෙනස ඉන්දියානු ක්‍රිකට්‌ ඉතිහාසය ලෙස හැඳින්විය හැකියි.

මේ වන විට ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉන්දියාවේ ජනිත වී හරියටම අවුරුදු 206 ක්‌ සම්පූර්ණ වී තිබෙයි. එය ඔවුනට සතුටකි. ඒ ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ ඉහළම තලයේ පසුවෙන නිසයි. සැතපුම් 6000 ක එපිට සිට ඉන්දියාවට පැමිණල ඉන්දියානුවන්ගේ මනස සම්පූර්ණයෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාවට නැඹුරු කල බ්‍රිතාන්‍ය ජාතිකයන්ද අභිබවා යාමට ඉන්දියානුවන් සමත් වූයේ වරක්‌ දෙවරක්‌ නොවේග මේ දක්‌වා 1932 සිට 2008 දක්‌වා පැවැති ටෙස්‌ට්‌ තරග 99 කින් විවිධ තරාතිරමේ එංගලන්ත කණ්‌ඩායම 19 වරක්‌ පරාජය කිරීමට ඔවුන් සමත් වූහ. එංගලන්ත කණ්‌ඩායම 34 වරක්‌ ජය ලබා ගැනීමට සමත් වූ අතර තරග 46 ක්‌ ජය පරාජයකින් තොරව අවසන් වුණා.

ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඇති ආදරය සහ ලැදිකම නිසාම අඩු යටිතල පහසුකම් මධ්‍යයේ වුවද එකල සිටි ක්‍රිකට්‌ බලධාරීන් සහ ක්‍රිකට්‌ ක්‍රීඩකයින් තම රටේ මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට නොගත් උත්සාහයක්‌ නැති තරම්ය. තම ධනයල බලයල සහ ශ්‍රමය වැය කරමින් එකල ඒ ඒ ප්‍රාන්තවල සිටි මහාරාෂ්ටපතිවරුන්ල මහාරාජාවරුන්ල බැරෝඩාවරුන් සහ නවාබ්වරුන් මේ ක්‍රීඩාව තම රටේ ප්‍රචලිත කිරීම තමන්ට ඉමහත් ගෞරවයක්‌ ගෙන දෙන ක්‍රියාවක්‌ ලෙස සලකමින් මේ කාර්යය ඉටු කළා. මේ නිසාම බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ ඔවුන්ගේ පුතුන්ට ඉන්දියාවේ ක්‍රිකට්‌ දොරටුව නිරන්තයෙන්ම විවෘත වුණා.

1920 අගභාගය වන විට චෙපොක්‌ රාවල්පින්ඩිල පේෂාවො යන ප්‍රාන්ත අනෙක්‌ ප්‍රාන්තවලට වඩා ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණියා. මේ කාලය තුළදී නවාබ් ඔෆ් ආකොට්‌ වැනි ප්‍රබුන් තමන්ගේ පුද්ගලික ධනයෙන් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට උදව් කරමින් අසල්වැසි රටවලට ගොස්‌ තරග පැවැත්වීමට උදව් කළාග මේ කාලය තුළදී යි රංජි කුමාරයා ක්‍රිකට්‌ පිත්ත අතට ගත්තේග ඔහුගේ සම්පූර්ණ නම කුමාර් ශ්‍රී රංජිත් සිං ජීග මේ කුමාරයා 1888 ඉගෙනීම සඳහා කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන විට යන්තම් අවුරුදු 18 ක කොලු ගැටයෙක්‌ග අවුරුදු 5 කට පසු ආපසු තම මව් රටට පැමිණ සාමාන්‍ය ජනයා සමග එක්‌ වෙමින් ක්‍රිකට්‌ සමාජ බිහි කිරීමට ඔහු පටන් ගත්තා.

ඉන්දියාවේ නවතම සොයා ගැනීම සහ ඉන්දියාවේ ජයග්‍රහණය ලෙස හදුන්වමින් රංජි කුමරා ගැන ලියවුන පොත් අපමණයිග 1950 ඔහු මිය යන විට ඔහුගේ එක්‌ සිහිනයක්‌ සැබැවීමට ආසන්න වී තිබුණිග ඒ ටෙස්‌ට්‌ තරගයකින් එංගලන්ත කණ්‌ඩායම පරදවා ඉන්දියානු කණ්‌ඩායම ජය ලබා ගැනීමයි. 1911 දී පටියාලා මහ රජා කුමරු ඉන්දියානු ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයට නව පණක්‌ දෙමින් තමාගේ වියදමින් ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ එංගලන්තයට ගෙන යාමට සමත් වුනාග එවකට සිටි දක්‌ෂම ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගෙන් මෙම කණ්‌ඩායම සම්පූර්ණ වි තිබුණත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වුණා.

ඉන්දියාවේ ප්‍රාන්ත වෙන් වෙන් වශයෙන් ක්‍රිකට්‌ ක්‍රීඩා කළ අතර ඔවුන් එක්‌ව එක කණ්‌ඩායමක්‌ ලෙස සංවිධානය වි ක්‍රීඩා කිරීමේ ඇති වැදගත්කම බෙන්ගාලයේ අග්‍රාණ්‌ඩුකාර ලෝඩ් හෝක්‌ විසින් පෙන්වාදීමෙන් අනතුරුව 1920 වර්ෂයේ අගභාගයේදී ඉන්දියාවේ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය බිහිවුණා.ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් බිහි කරන රංජි කුසලාන තරගාවලියේ ආරම්භයද මේ යුගයයි.

ආතර් ගිලන්ගේ නායකත්වයෙන් යුත් එම්ග සීග සීග ක්‍රිකට්‌ කණ්‌ඩායම ඉන්දියාවට පැමිණීමත් සමග ඉන්දියානු ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ ස්‌වර්ණමය යුගය උදාවියග නායක ගිලන්ල ස්‌ටැන්ලි ජැක්‌සන්ල ලෝඩ් හෝක්‌ ඉදිරිපත් වී ඉන්දියාව ටෙස්‌ට්‌ වරම් ලැබීමට ඉතාම සුදුසු තත්ත්වයක සිටින බවත් අනුමත කළා.

1926 දී ඉන්දියාවට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය ලැබුණත් එංගලන්තය සමග ටෙස්‌ට්‌ තරගයකට සහභාගිවීමට අවස්‌ථාව ලැබුනේ අවුරුදු 6 කට පසුවයි. සීග කේග නායිදු ඉන්දියානු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පළමු නායකයා වූ අතර පළමු ටෙස්‌ට්‌ තරගය එංගලන්තයේ ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. ඒ 1932 ජුනි 25 වැනිදායිග ඉන්දියානු කණ්‌ඩායමට මොහොමඩ් නිසාර්ල අමාර්සිංල ලාල් සිංල එල්ගපීග ජායිල ලාලා අමරනාත් ජම්ස්‌ඩිල විජය මර්චන්ට්‌ සහ එල්ග රාම්ජි යන අය ඇතුළත් වුණා. එංගලන්ත කණ්‌ඩායමේ නායකත්වය ඩග්ලස්‌ ජාර්ඩින් දැරූ අතර මේ පළමු තරගයෙන් ලකුණු 158 ක පහසු ජයක්‌ ලබා ගැනීමට ඔවුන් සමත් වුණා.

දෙවන ලෝක යුද්ධය ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයට ද නොසෑහෙන අන්දමින් බලපෑම් එල්ල කළේය. තිහේ දශකය මේ අන්දමින් ගෙවී ගියත් එම දශකය ඉන්දියානු ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයට අමරණීය එකක්‌ නොවනු මානයග කාලයක්‌ තිස්‌සේ සිහින මවමින් සිටි ටෙස්‌ට්‌ වරම් ලබා ගැනීම මල් පල දැරීමත්ල ඒ ඒ ප්‍රාන්තවල අංග සම්පූර්ණ ක්‍රීඩාංගණ ඉදිවීමත් හතු පිපෙන්නාසේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් බිහිවීමත් මින් ප්‍රධානය.

හතලිහ දශකයේ අග භාගයේදී ඉන්දියාවට ලැබුණු ඇරයුමක්‌ පරිදි ඉන්දියානු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාවට ගියේ ටෙස්‌ට්‌ තරග 5 කට සහභාගි වීමටයිග ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ නායකත්වය ඩොන් බ්‍රැඩ්මන් ඉසිලූ අතර ඉන්දියානු කණ්‌ඩායමේ නායකත්වය ලාලා අමරනාත් විසින් උසුලන ලදී. පැවැති තරග 5 න් 4 කින්ම ජය ලබා ගැනීමට ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම සමත් වුණාග එක්‌ තරගයක්‌ ජය පරාජයකින් තොරව අවසන් විය.

පළමු ටෙස්‌ට්‌ තරගය දිල්ලි නුවර පැවැති අතර පළමු ඉනිමේදීම වැල්කොට්‌ (152) ගෝම්ස්‌ (101) වික්‌ස්‌ (128) ක්‍රිස්‌ටිනි (107) ශතක ලබා ගනිමින් මුලු ලකුණු සංඛ්‍යාව 631 දක්‌වා ඉහළ දැමීමට සමත් වුණා.

1950-60 දශකය ඉන්දියාවට වාසනාව ගෙන දෙන දශකයක්‌ වියග පළමු ටෙස්‌ට්‌ තරගයක ජය වාර්තා කිරීමත්ල එය එංගලන්ත කණ්‌ඩායමට එරෙහිවීමත් විශේෂ ඉතිහාස ගතවන සිද්ධියක්‌ විය. ලෝකයේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගවලට සහභාගී වෙන සියලුම රටවල් සමග එක්‌වෙමින් ටෙස්‌ට්‌ තරග 47 කට සහභාගි වියග ඉන් 6 කින්ම ජය ගත්තත් 18 කින් පරාජය හිමි විය. එහෙත් තරග 23 ක්‌ම ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සමත් වුණා.

නයිජල් හොවාඩ් නායකත්වය දෙමින් එංගලන්ත කණ්‌ඩායම ඉන්දියාවට පැමිණියේ ටෙස්‌ට්‌ තරග 5 කට සහභාගි වීම සඳහායිග ඉන්දියානු කණ්‌ඩායමේ නායකත්වය විජය හසාරේ විසින් දරණ ලදී.

පළමු තරගය නව දිල්ලියේදී පැවැති අතර දෙවන ටෙස්‌ට්‌ තරගය කාන්පූර්හිදී පැවැත්විණිග ජයග්‍රාහී ඉතිහාසගත වන හතරවෙනි ටෙස්‌ට්‌ තරගය ලක්‍ෂයකට ආසන්න ක්‍රිකට්‌ ලෝලීන් පිරිසක්‌ මධ්‍යයේ මැඩ්රාස්‌ හිදී පවත්වන ලදීග එය මෙතෙක්‌ ඉන්දියාව එතෙක්‌ මුහුණ දුන් 25 වෙනි ටෙස්‌ට්‌ තරගය වන අතර එංගලන්තයට එරෙහිව 15 වෙනි තරගයයි

ව්‍යවස්‌ථාවට පිටින් පක්‍ෂ නායකත්වයට කිසිදු පුද්ගලයකු පත් කළ නොහැකියි

ක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවට පිටින් කිසි ලෙසකින්වත් පක්‍ෂ නායකත්වයට කිසිදු පුද්ගලයකු පත් කළ නොහැකි බව එම පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්‌ථාවට අනුව වත්මන් පක්‍ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පත්කරගෙන ඇති බවත් එය ඒ ආකාරයෙන්ම ඉදිරියට ක්‍රියාත්මක වන බවත් අත්තනායක මහතා පැවසීය.

2010 වසරේ සම්මත කරගන්නා ලද පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව පක්‍ෂ නායකත්වය පත් කරගත යුත්තේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයෙන් වන අතර එහිදී ගැටලුකාරී අවස්‌ථා මතු වුවහොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් ඒකාබද්ධ කරගත යුතු යෑයි හෙතෙම කීය.

එ.ජා.ප. යේ නායකත්වය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කරු ජයසූරිය මහතාට කළ ආරාධනාව පිළිගත්තේ යෑයි ප්‍රේමදාස මහතා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව මේ බව ප්‍රකාශ කළ මහලේකම්වරයා පක්‍ෂ ව්‍යවස්‌ථාවට පිටින් කිසි ලෙසකින්වත් පක්‍ෂ නායකත්වයට පුද්ගලයෙක්‌ පත් කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

යම් පුද්ගලයෙක්‌ හෝ කණ්‌ඩායමක්‌ හෝ ආරාධනා කළ පමණින් පක්‍ෂ නායකත්වය වෙනස්‌ කළ නොහැකි බව පැවසූ ඒ මහතා නව ව්‍යවස්‌ථාවේ පවතින නීතිරීතිවලට අනුකූලව එය කළ යුතු යෑයි වැඩිදුරටත් කියා සිටියේය.