Thursday, July 28, 2011

ව්‍යවස්‌ථාවට පිටින් පක්‍ෂ නායකත්වයට කිසිදු පුද්ගලයකු පත් කළ නොහැකියි

ක්‌සත් ජාතික පක්‍ෂ ව්‍යවස්‌ථාවට පිටින් කිසි ලෙසකින්වත් පක්‍ෂ නායකත්වයට කිසිදු පුද්ගලයකු පත් කළ නොහැකි බව එම පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්‌ථාවට අනුව වත්මන් පක්‍ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පත්කරගෙන ඇති බවත් එය ඒ ආකාරයෙන්ම ඉදිරියට ක්‍රියාත්මක වන බවත් අත්තනායක මහතා පැවසීය.

2010 වසරේ සම්මත කරගන්නා ලද පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව පක්‍ෂ නායකත්වය පත් කරගත යුත්තේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයෙන් වන අතර එහිදී ගැටලුකාරී අවස්‌ථා මතු වුවහොත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් ඒකාබද්ධ කරගත යුතු යෑයි හෙතෙම කීය.

එ.ජා.ප. යේ නායකත්වය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කරු ජයසූරිය මහතාට කළ ආරාධනාව පිළිගත්තේ යෑයි ප්‍රේමදාස මහතා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව මේ බව ප්‍රකාශ කළ මහලේකම්වරයා පක්‍ෂ ව්‍යවස්‌ථාවට පිටින් කිසි ලෙසකින්වත් පක්‍ෂ නායකත්වයට පුද්ගලයෙක්‌ පත් කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

යම් පුද්ගලයෙක්‌ හෝ කණ්‌ඩායමක්‌ හෝ ආරාධනා කළ පමණින් පක්‍ෂ නායකත්වය වෙනස්‌ කළ නොහැකි බව පැවසූ ඒ මහතා නව ව්‍යවස්‌ථාවේ පවතින නීතිරීතිවලට අනුකූලව එය කළ යුතු යෑයි වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment